Tuesday, November 7, 2017

Filled Under:

පාසැල් සිසුන් සදහා මත්නිවාරණ වැඩසටහන

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගීන්ම ත්ද්‍රව්‍ය භාවිතයට දරුවන් යොමුවීම වැලැක්වීම සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළබද නිවැරදි දැනුම සිසු දරුවන් වෙත ලබාදීමේ දැනුවත් කිරීමේ වැඩසටහන්දි යත් කර ඇති අතර එහි එක් පියවරක් ලෙස කිරිවත්තුඩුව විජයවර්ධන මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් සදහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් කීරිවත්තුඩුව විජයවර්ධන විද්‍යාලයේදී පැවැත්වින.


මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද පාසැල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ සෞඛ්‍ය ප්‍රවර්ධන පදනමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ රසික වීරතුංග මහතා විසිනි. කිරිවත්තුඩුව විජයවර්ධන මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් විදුහල්පති ඩී.එම්.රෝහිත කුමාර දිසානායක මහතා , විද්‍යාලයීය අචාර්යය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් සමෘද්ධි සංවර්ධන නිලධාරී දර්ශණී ගුරුගේ මහත්මිය මෙම වැඩසටහන සදහා සම්බන්ධ වූහ.

0 comments:

Post a Comment