හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගොඩ සමෘද්ධි ප්රජා මූල බැංකුවේ 19 වෙනි සම්මේලනය පසුගියදා කොළඹ දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ ඒ.ජී.එස්.අශෝක කුමාර මහතාගේ හා හෝමාගම සහකාර ප්රාදේශීය ලේකම් ගංගා සංජීවනී මෙනවියගේ ප්රධානත්වයෙන් මීගොඩ විහග උත්සව ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
වසම් මට්ටමින් සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇගයීම මෙදින සිදුකල අතර මීගොඩ කලාපයේ හොදම සංවර්ධන නිලධාරියා ලෙස ප්රථම ස්ථානය හිමිකර ගන්නා ලද්දේ වටරැක දකුණ ග්රාම නිලධාරී වසමේ තුසිර ඉන්දික කරුණාරත්න මහතා විසිනි. දෙවන ස්ථානය ඹ්විටිගම ග්රාම නිලධාරී වසමේ එච්.එම්.සී.සමන්මලී මහත්මිය ද, තෙවන ස්ථානය පානළුව ග්රම නිලධාරී වසමේ නාමල් ධර්මසිරි මහතා ද හතරවන ස්ථානය හේනවත්ත ග්රාම නිලධාරී වසමේ සුදත් රෝහණ මහතා ද,පස්වන ස්ථානය ආටිගල බටහිර වසමේ චිත්රා මාලනී මහත්මිය විසින්ද හිමිකර ගන්නා ලදී.
2017 වසර වෙනුවෙන් පාලක මණ්ඩලය සදහා ග්රාම සේවා වසම් නියෝජනය කරන සමෘද්ධි ප්රජා මූල සමීතිසභාපතිවරුන්ගෙන් නිලධාරීන් තෝරා පත් කර ගැනීමද මෙදින සිදුකෙරිණ.
මීගොඩ සමෘද්ධි කලමණාකරු ඒ.ආර්.රූපසිංහ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත මීගොඩ කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු බැංකු කාර්යය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කරන ලදී.
මෙම උත්සව අවස්ථාවට කොළඹ දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ ඒ.ජී.එස්.අශෝක කුමාර මහතා, හෝමාගම සහකාර ප්රාදේශීය ලේකම් ගංගා සංජීවනී මෙනවිය, සමෘද්ධි බැංකු ප්රජා මූල සමීතියේ කලමණාකාර අධ්යක්ෂ ටී.ජී.ශ්රියාණි මහත්මිය, සමෘද්ධි මූලස්ථාන කලමණාකර් ප්රියන්ති ගුණවර්ධන මහත්මිය සහභාගී වූහ.
චමිලා ජයතුංග, සමෘද්ධි සන්නිවේදක, හෝමාගම.
0 comments:
Post a Comment