ස්වයං රැකියාවල නියුක්ත ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ලාභීන් සදහා ව්‍යාපාරික සායනයක් පසුගියදා ගාල්ල කඩවත් සතර ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී ඇසුරුම්කරනය, ලේබල්කිරීම, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය, සහ හොද වෙලද පොලක් ලබාගැනීම පිළිබද ව්‍යාපාරිකයන් දැනුවත් කරන ලදි.
ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පුලින රණසිංහ , ආහාර තාක්ෂණ උපදේශිකා පුෂ්පා චාන්දනී සෙනෙවිරත්න , ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකාර කේ.ජී.ඒ.ගුණසේකර සහ කිරුම් මිණුම් සේවා පරීක්ෂක කේ.එච්.ජී.දමින්ද සමිපත් යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වය මීට ලැබුණි.
මෙම අවස්ථාවට ගාල්ල කඩවත් සතර ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ මූලස්ථාන කළමණාකරු,ව්‍යාපෘති කළමණාකරු,මහාසංගම් කළමණාකාර අධ්යක්ෂ ද සහභාගී විය
පී.එස්.දම්මික සෙනරත්
සමෘද්ධි සන්නිවේදක - ගාල්ල කඩවත් සතර
0 comments:
Post a Comment