Sunday, May 7, 2017

Filled Under:

හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල ප්‍රාදේශීය කමිටුව පිහිටුවයි

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා මූල ප්‍රාදේශීය කමිටුව පිහිටුවීම, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ජී එස් .කේ.කන්නන්ගර මහතාගේ හා කොළඹ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි අධ්‍යක්ෂ ෆීනික්ස් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ .


 මෙහිදී සමෘද්ධි ප්‍රජා මූල ප්‍රාදේශීය කමිටුවේ කිුයාකාරීත්වය,අරමුණු පිළිබඳව දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදුකළ අතර සමෘද්ධි ප්‍රජා මූල ප්‍රාදේශීය කමිටුවේ කාර්ය භාරය හා සමෘද්ධි පනතේ සදහන් කරනු පිළිබඳව පැහැදිලි කරදීම කොළඹ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි අධ්‍යක්ෂ තුමා විසින්  සිදුකරන ලදී . 

ගුාම සේවා වසම් මට්ටමෙන් කිුයාත්මක සමෘද්ධි ප්‍රජා මූල සමීති සභාපතිවරුන් මෙහි සාමාජිකත්වය දරයි. සමෘද්ධි ප්‍රජා මූල ප්‍රාදේශීය කමිටුව පිහිටුවීමේ  කටයුතු සමෘද්ධි මූලස්ථාන කළමනාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය විසින් සංවිධානය කළ අතර  මෙම අවස්ථාවට සමෘද්ධි මහ සංගම් අධ්‍යක්ෂ ටී.ජී .ශ්‍රියානි මහත්මිය,ඇතුළු ඒ .ආර්.රූපසිංහ මහතා , ජීවනී දකොස්තා මහත්මිය , සමන්ත පෙු්මසිරි මහතා , සංජීවනී වේවැල්වල යන සමෘද්ධි කලමනාකාර  මහත්ම මහත්මීන් හා හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  ගුාම  සේවා  වසම්  නියෝජනය  කරමින්  සමෘද්ධි ප්‍රජා මූල සමීති  සභාපතිවරුන් මෙම අවස්ථාවට  එකවූහ.

චමිලා  ජයතුංග ,
සන්නිවේදක,
හෝමාගම.

0 comments:

Post a Comment