කොත්මලේ ප්‍රාදේශිය ලේකම් අයි.එම්.සේනානායක මහතාගේ සංකල්පයක් අනුව කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සමෘද්ධි සංවර්ධන නිළධාරි ඇගයිමේ වැඩ සටහනක් පසුගිය දා ප්‍රජා මූල සමිති ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
මූලස්ථාන සමෘද්ධි කළමණාකරු එන්.පී.ජී.නිශ්ශංක හා කළමණාකාර අධ්යක්ෂ එස්.කේ.දිසානායක යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ සමාජ සංවර්ධන අංශය මෙම ඇගයීමේ වැඩ සටහන සංවිධානය කරන ලදි.
මෙහිදි 2016 වර්ෂයේ සිංහල අළුත් අවුරුදු ගණු දෙණු වෙනුවෙන් වැඩිම මුදලක් එකතු කළ සංවර්ධන නිලධාරි ද, 2016 වර්ෂයේ ජාති්‍යන්තර දුම්වැටි හා මත් ද්‍රව්‍ය විරෝධී කොඩි දිනයේදී වැඩිම කොඩි අරමුදලක් එකතු කල සංවර්ධන නිළධාරි හා සමෘද්ධි බැංකු ණය වැඩ සටහනේ වැඩි ණය ලබාදුන් නිලධාරින් මෙහිදි ඇගයීමට ලක්විය.
විශේෂයෙන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2016 වර්ෂයේ සිංහල අළුත් අවුරුදු ගණු දෙණු වශයෙන් රු: 17600000 .00 ක මුදලක්ද, කොඩි අලෙවිය තුලින් රු ලක්ෂ 31 ක මුදලක්ද එක්තු කර ඇති අතර, ඉලක්ක සපුරා ගත් නිලධාරින් සදහා ප්‍රශංසා සහතික හා වටිනි ටැබ් වර්ගයේ පරිගණකයක් ලබා දෙන ලදි.
0 comments:
Post a Comment