Sunday, May 28, 2017

Filled Under:

සමෘද්ධි සහනාධාරලාභීන්ට ආර්ථික ශක්තිය ලබන හැටි කියා දෙයි

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැනට සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභින් ආර්ථික වශයෙන් සාමාජිය වශයෙන් සවිබල ගැන්වීම සදහා ඉදිරි කාල සීමාව තුලදි ඉතිරි කිරිම් ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ට ආකල්පමය වෙනසක් ඇති කිරිමට අවශ්‍ය දැනුම ලබා දීම පසුගිය දා කොත්මලේ දී සිදු විය.


කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැනට සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභින් 8704 හා අඩු ආදායම් ලාභි පවුල් 6778 ක ප්‍රමාණයක් සමෘද්ධි බැංකු තුල සාමාජිකත්වය ලබාගනිමින් හා ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින පවුල් ආර්ථික වශයෙන් සාමාජිය වශයෙන් සවිබල ගැන්වීම සදහා ඉදිරි කාල සීමාව තුලදි ඉතිරි කිරිම් ප්‍රවර්ධනය කිරමේහිලා ඔවින්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරිමට අවශ්‍ය දැනුම ලබා දීම උදෙසා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් අයි.එම්.සේනානායක මැතිතුමගේ සහභාගිත්වයෙන් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ බණ්ඩාර දීගල, කළමණාකරු තරිදු මදුරංග සිල්වා  යන මහත්වරුන්ගේ දේශකත්වයෙන් සමෘද්ධි මූලස්ථාන කළමණාකාර එන්.ජී.පී.නිශ්ශංක මැතිතුමගේ මෙහෙයවීමෙන් සමෘද්ධි කලාප 07 න් කළමණාකාර මහත්ම මහත්මින්ගේත් ග්‍රාම නිලධාරි වසම් 96 හි සමෘද්ධි සංවර්ධන නිලධාරි නියෝජනය කර ගනිමින් මූල්‍ය කළමණාකරනය පිළිබදව විශේෂ දැනුවත් කිරිමේ වැඩ සටහනක් 2017.04.25 දින පෙ:ව: 08.00 සිට ප:ව: 02.30 දක්වා කොත්මලේ ප්‍රජා මූල සමිති ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

චන්ද්‍රලාල් ආරියපාල,
සමෘද්ධි සන්නිවේදක,
කොත්මලේ

0 comments:

Post a Comment