සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ද්වීභාෂා නිල පුවත්පත වන 'සමෘද්ධි' පුවත්පතේ පළමු සංවත්සරය ලේක්හවුස් ආයතනයේ දී ඊයේ (23) පැවැත්විණි.
Thursday, November 23, 2017
Monday, November 20, 2017
දිරිය පියසින් ශාන්තිට ශාන්තියක්
සමෘද්ධි දිරිය පියස නිවාස වැඩසටහන යටතේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඔසනගොඩ ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ලාභී කේ.වී.ජී.ශාන්ති ගමගේ මහත්මියගේ නිවස අභිනවයෙන් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සහ අත්තිවාරම් දැමීම පසුගියදා මහ සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මැද්දේ සිදු කෙරිණ.
නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට නායකත්ව හැකියා හා ධනාත්මක ආකල්ප සංවර්ධන වැඩසටහනක්
පසුගියදා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් බදවා ගන්නා ලද සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1094 ක් සදහා ශ්‍රි ලංකා යුධ හම්දාව හා එක්ව නායකත්ව හැකියා හා ධනාත්මක ආකල්ප සංවර්ධන වැඩසටහනක් යුධ හමුදා පාසැල් 17 ක් තුළ අද (20) දින සිට ලබන මස 11 දින දක්වා පැවැත්වේ.
නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 කට රාජ්‍ය සේවයේ පත්වීම්
සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළබඳ
අමාත්‍යවරයා වශයෙන් අද අතිශයින් සතුටට පත් වූ දිනයක්. නව සමෘද්ධි සංවර්ධන
නිලධාරීන් 1904ක් සඳහා පත්වීම් ප්රදානය කිරීමට ලැබීම
සම්බන්ධයෙනි. අවුරුදු 22කට පසු මගේ සමෘද්ධි පවුලට අලුතින්
එකතුවන ජවයෙන් යුත් තරුණ තරුණියන් හද පිරි සතුටින් පිළිගන්නෙමි. වසර 30කට පසුව සමෘද්ධියට නව ජවයක් එක් කළ දිනය අදයි. වැටි වැටී
දණින් පැමිණි සමෘද්ධිය අලු ගසා නැගිටුවන්නටත් දිළිඳුකම තුරන් කිරීමේ ජාතික කර්තව්‍ය
සඵල කිරීමටත් දැන් අපට හැකි වනු ඇත. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට අලුත් ඉරක්
ලක් දෙරණට උදාවනු දැකීම මගේ බලාපොරොත්තුව යි. ඒ සියල්ල සඳහා ඔවුන් ශාරීරිකව, මානසිකව මෙන් ම ආර්ථික වශයෙන් ද සවිබල ගන්වන්නට අප සූදානම් ය.එකී සවිය
ඔවුන් හරහා රටට බෙදන්නට රටේ අහිංසක දුප්පත් ජනතාවට බෙදන්නට අපට හැකිවනු ඇත....හෙට
ඒ දිනය උදාවන තෙක් ඉවසුම් රහිතව ඇඟිලි ගනින්නෙමි.(2017/11/15-නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ
උත්සවය-සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය)
Sunday, November 19, 2017
galle
ස්වයං රැකියාවල නියුක්ත ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ලාභීන් සදහා ව්‍යාපාරික සායනයක් පසුගියදා ගාල්ල කඩවත් සතර ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ගාල්ල කඩවත් සතරට ව්‍යාපාරික සායනයක්
ස්වයං රැකියාවල නියුක්ත ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ලාභීන් සදහා ව්‍යාපාරික සායනයක් පසුගියදා ගාල්ල කඩවත් සතර ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Monday, November 13, 2017
සමෘද්ධි සංවර්ධන නිලධාරී පත්වීම් ලිපි ප්රදානය හෙට
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් (විපර්යකාරක-CHANGE AGENT) 1904 ක් සදහා නව පත්වීම් හෙට(15) දින
දී ලබාදීමට නියමිතය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩා පරිශ්‍රයේ දී හෙට උදෑසන 9.00 ට උත්සවාකාරයෙන් පැවැත්වෙන මෙම අවස්ථාව සදහා සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබද ගරු අමාත්‍ය එස්.බී .දිසානායක මැතිතුමන් , ගරු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මැතිතුමන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේතුවේ නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

Wednesday, November 8, 2017
බිංගිරියේ නීල් සුදත්ට හිසට සෙවනක්- හිතට නිවනක්
පිළිකා රෝගයෙන් පෙළෙමින් තම දරු දෙදෙනා බිරිඳ සහ මව සමඟ ජීවත් වූ ඩබ්.ඒ.නීල් සුදත් ශාන්ත මහතාට ස්ථාර නිවෙසක වාසය කිරීමට වරම් උදා විය. බිංගිරිය විහාර මාවතේ ස්ථිර නිවෙසක් නොමැතිව හෙතෙම තම ජීවිකාව ගෙන ගියේය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහන යටතේ මෙම නිවෙස ඉදිකිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙන ලදි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහන යටතේ මෙම නිවෙස ඉදිකිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙන ලදි.
Tuesday, November 7, 2017
galle
ජාත්‍යන්තරය ජයගත් සමෘද්ධි නිලධාරියා
ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පෙට්ටිගලවත්ත කලාපයේ මිණුවන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ, සමෘද්ධි සංවර්ධන නිලධාරි ලෙස සේවය කරන ජී.එම්.අනිල් ද සිල්වා තම ක්‍රීඩා කෞශල්‍යය තුලින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටිය ජයගනිමින් ශ්‍රී ලංකා මාතාව පදක්කම්වලින් සරසන්නට සමත්ව ඇත.
Homagama
පාසැල් සිසුන් සදහා මත්නිවාරණ වැඩසටහන
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගීන්ම ත්ද්‍රව්‍ය භාවිතයට දරුවන් යොමුවීම වැලැක්වීම සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළබද නිවැරදි දැනුම සිසු දරුවන් වෙත ලබාදීමේ දැනුවත් කිරීමේ වැඩසටහන්දි යත් කර ඇති අතර එහි එක් පියවරක් ලෙස කිරිවත්තුඩුව විජයවර්ධන මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් සදහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් කීරිවත්තුඩුව විජයවර්ධන විද්‍යාලයේදී පැවැත්වින.
Subscribe to:
Posts (Atom)