පිළිකා රෝගයෙන් පෙළෙමින් තම දරු දෙදෙනා බිරිඳ සහ මව සමඟ ජීවත් වූ ඩබ්.ඒ.නීල් සුදත් ශාන්ත මහතාට ස්ථාර නිවෙසක වාසය කිරීමට වරම් උදා විය. බිංගිරිය විහාර මාවතේ ස්ථිර නිවෙසක් නොමැතිව හෙතෙම තම ජීවිකාව ගෙන ගියේය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහන යටතේ මෙම නිවෙස ඉදිකිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙන ලදි.
ප්රජාදායකත්වයෙන් බිංගිරිය වසමේ කුමාරි මහත්මියගේ මෙහෙයවීමෙන් බිංගිරිය සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ කළමණාකාර අධ්යක්ෂ කේ.ඒ.නන්දනසිරි හා සමාජ සංවර්ධන සහකාර එස්.එච්.එම්.සුනිල් ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඉදි කරන ලද මෙම නිවසේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් දසලක්ෂයක් පමණ වේ.
මෙම නිවෙස නීල් ශාන්ත මහතාට භාර දීමේ උත්සවය 2017 නොවැම්බර් 02 දින පෙරවරුවේ සුභ මොහොතින් වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ඒ.එම්.සෝමසිරි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
බිංගිරිය සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති කළමණාකාර අධ්යක්ෂ කේ.ඒ.නන්දනසිරි,බිංගිරිය සමෘද්ධි කලාප කළමණාකරු කේ.ආර්.ජයවර්ධන, සමාජ සංවර්ධන සහකාර එස්.එච්.එම්.සුනිල් ප්‍රේමරත්න,ග්‍රාම නිලධාරි එස්.එච්.එම්.සුදත් වීරවර්ධන යන මහත්වරුන් සමඟ වසම්භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි කේ.ඒ.ඩී.සන්ධ්‍යා කුමාරි මහත්මිය ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරින්,පාලක මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්එථාවටක් වූහ.
ඒ.එම්.සරත් කුමාර
බිංගිරිය සමෘද්ධි සන්නිවේදක
0 comments:
Post a Comment