කෘෂි කර්මාන්තයේ නියැලී සිටින ගොවීන් වෙනුවෙන් රුපියල් ලක්ෂය දක්වා කඩිනමි ණය ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුයේ පසුගියදා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා වසර 4කින් ඒ කියන්නේ කන්න 8කින් අනුරාධපුර ගොවින් වගා කරල නැහැ. බොන්න වතුර ටිකක් තිබුනේ නැහැ. මෙවර ගොවි ජනතාවට වගා කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය සහනාධාර ලබා දෙන්න රජය සුදානම්. සහන මිලට බිත්තර වී ලබා දීමට කටයුතු කරන ලෙස ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන බවත් පසුගිය කන්නයන්හි ලබා දුන් සහනාධාර මුදල් යලි අය කර නොගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් පැවසීය.
කන්න මැදදී වගා කටයුතු ආරම්භ කරන්න පටන් ගන්නේ නැතිව හැකි ඉක්මනින් කන්න රැස්වීම් පවත්වා වගා කටයුතු ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම විදුලිය නොමැති නිවාස සදහා සහනදායී ක්‍රමය යටතේ එනම් මුලින් මුදල් නොගෙවා විදුලි බිලෙන් අයකර ගැනීමේ වැඩ සටහන යටතේ විදුලිය ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.මෙම සහනදායී ක්‍රමය නැවතී තිබු බවත් විදුලිබල අමාත්‍යංශයට ඇමතිවරුන් කළ ඉල්ලීමකට අනුව එය නැවත දීර්ඝ කළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සතියක් ඇතුලත සෑම ග්‍රාමසේවා කොට්ඨාශයකම විදුලිය නොමැති නිවෙස්වල විදුලිය අවශ්‍ය නාම ලේඛණය සකස් කර ප්‍රාදේශීය ලේකම්වරයා හරහා විදුලි අධිකාරි වෙත එවන ලෙසද ග්‍රාම නිලධාරීන් වෙත අමාත්‍යවරයා මෙහිදී දැන්වීය.මේ වසර තුළ අනුරාධපුර බටහිර ආසනයේ සෑම නිවසකටම විදුලිය ලැබිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ලංකාවේ දුෂ්කරම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වන විලච්චිය ගොවිපවුල් නගා සිටුවීමට අවශ්‍ය සෑම සහායක්ම ලබා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.මෙම අවස්ථාවට විලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.තිලකරත්න , සංවර්ධන කමිටු සම සභාපති ඩබ්.බී.ඒකනායක යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.
0 comments:
Post a Comment