Saturday, January 14, 2017

Filled Under:

නෝර්වේ ආධාර යටතේ තිරසාර ජාතික ධීවර ප්‍රතිපත්තිය සැකසීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථිර ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහාය නොර්වේ රජය විසින් ලබා දී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙතෙක් අප රටේ එවැනි ජාතික ප්‍රතිපත්තියක් නොවු අතර, දිනෙන් දිනම ධීවර හා ජලජ සම්පත් අවභාවිතය නිසා, එම සම්පත් විනාශ වී යාමේ තර්ජනයකට වර්තමානයේ රට මුහුණ දී තිබෙන බවද අමාත්‍යාංශය කියයි.

0 comments:

Post a Comment