Sunday, May 7, 2017

Filled Under:

දිරිය පියසින් බඹරගල වැන්දඹු පවුලකට නිවසක්

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිරිය ළියට සෙවනක් නිවාස වැඩසටහන යටතේ වැලිගෙපොලප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඹරගල වසමේ ඩී.ඩී.පියසීලී කුසුමලතා මහත්මියට නිවසක් පිරිනැමීය.
වැන්දඹු කාන්තාවක් වන පියසීලී කුසුමලතා අහස් දියෙන් කරනා හේන් ගොවිතැනින් ලැබෙනා සුළුආදායමකින් පාසල් යන දරු දෙදෙනාද සමග ඉතා කටුක ජීවිකාවක් ගෙනයයි.

කටු මැටි ගැසූ ඉතා අබලන් නිවසක ජීවත්වන මොවුන්ගේ ජීවන තත්වය මනාව වටහා ගත් වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීඑම්.ඩිංගිරි මැණිකේ මහත්මිය වැලිගෙපොල සමෘද්ධි මහා සංගමයේ සමාජ සංවර්ධන අංශයට මොවුන්ගේ විස්තර දැන්වූවාය

ඒ අනුව 2016 වර්ෂයේ දිරිය ළියට සෙවනක් නිවාස වැඩසටහන යටතේ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් රු.150000/= ක මුදලින් ආරම්භ කල පියසීලී කුසුමලතා මහත්මියගේ නිවසේ ඉදිකිරීම් වසමේ සමෘද්ධ් සංවර්ධන නිලධාරී එම්. ඩිංගිරි මැණිකේ මහත් මියගේ මෙහෙයවීමෙන්,සමෘද්ධි කළමණාකාර අධ්‍යක්ෂ රොහාන් ජයතිලක,සමෘද්ධි කළමණාකරු මංගල දේව,සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර ශාන්ත ජයපාල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, ප්‍රදේශවාසීන්ගේ ප්‍රජාදායකත්වයද
 ඇතිව රු.1000000/=ක පමණ වටිනා නිවසක් ඉදිකිරීමට හැකිවිය.

වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එච්.බණ්ඩාර මහතා ඇතුළු සමෘද්ධි කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පසුගියදා නව නිවස පියසීලී කුසුමලතා මහත්මිට ප්‍රදානය කළේය.

එස්.ඩබ්.ශාන්ත ජයපාල - සමෘද්ධි සන්නිවේදක
 වැලිගෙපොල

0 comments:

Post a Comment