බදුල්ල දිස්ත්‍රික්කයේ
හල්දුම්මුල්ල ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද වසමේ සහනාධාරලාභි පවුල් සදහා සනීපාරක්ෂක පහසුකම් සදහා ආධාර ලබාදිම පසුගියදා සිදු කෙරිණ .
Tuesday, December 26, 2017
ඌවපරණගමට සමෘද්ධියෙන් කුඹුක් හා වන පැල
සමෘද්ධි
සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය
ලේකම් කොට්ටාසයේ බෙරලිය පොල පන්සල් භුමිය හා සපුගොල්ල වැව් රක්ෂිතයේ කුඹුක්
හා වන පැල සිටවිම පසුගියදා ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් ජ්.එම්.චමිල
ඉන්දික ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි
Wednesday, December 13, 2017
සමෘද්ධි නිලධාරීන් සඳහා මනෝ විද්‍යා උපදේශන පාඨමාලාවක් ලබා දෙනවා- අමාත්‍ය එස්.බී.දිසානායක
සමෘද්ධි නිලධාරීන් කියන්නේ ගමේ දුප්පත් අහිංසක
ගැමියන් සමඟ ගනුදෙනු කරන නිලධාරියෙක්. ගමේ මිනිස්සුන්ගේ දුක සැප බෙදා ගන්නට ඔහුට
සිදු වෙනවා. ගමේ මිනිසුන්ගේ ගැටලු විසඳන්නට, ඔවුන් විඳින-විඳවන සියලු අවස්ථාවන්ට
සහභාගී වන්නටත් ගැටලු සඳහා පිළියම් ලබාදීමටත් ඔහුට සිදු වෙනවා. ඇතැම්විට එය ආර්ථික
ගැටලුවක් වෙන්නට පුළුවන්. තවත් විටෙක එය පවුල් සංස්ථාව පිළිබඳ ගැටලුවක් වෙන්නට
පුළුවන්. ඇතැම්විට එය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ ගැටලුවක්
වෙන්නට පුළුවන්. තවත් සහමරවිටෙක එය මත්ද්‍රව්‍යවට ඇබ්බැහිවූවන් පිළිබඳ ගැටලුවක්
වෙන්නට පුළුවන්. සමහරවිට ආබාධිතයන් පිළිබඳ ගැටලුවක් වෙන්නටත් පුළුවන්. මේ සඳහා අපේ
සමෘද්ධි නිලධාරියාට ශක්තිමත් මානසික වාතාවරණයක් අත්‍යාවශ්‍යයි. ඒ නිසා ම සෑම
සමෘද්ධි නිලධාරියෙකුට ම මනෝවිද්‍යා උපදේශන පාඨමාලාවක් ලබාදීමට කටයුතු කරනවා යැයි
සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක
මහතා පැවසී ය.
. මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු සාමාජිකයින්ට එක් දින වැඩමුළුවක්
ජානාධිපති
මත්ද්‍රව්‍ය නිවාරණ
ඒකකයේ ප්‍රතිපාදන මත ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු සාමාජිකයන් සදහා එක් දින වැඩමුළුවක් පසුගියදා ඉතා සාර්ථකව පවත්වන ලදි .මෙය ඌවපරණගම සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කෙරිණි.
ඒකකයේ ප්‍රතිපාදන මත ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු සාමාජිකයන් සදහා එක් දින වැඩමුළුවක් පසුගියදා ඉතා සාර්ථකව පවත්වන ලදි .මෙය ඌවපරණගම සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කෙරිණි.
Subscribe to:
Posts (Atom)