සමෘද්ධි නිලධාරීන් කියන්නේ ගමේ දුප්පත් අහිංසක
ගැමියන් සමඟ ගනුදෙනු කරන නිලධාරියෙක්. ගමේ මිනිස්සුන්ගේ දුක සැප බෙදා ගන්නට ඔහුට
සිදු වෙනවා. ගමේ මිනිසුන්ගේ ගැටලු විසඳන්නට, ඔවුන් විඳින-විඳවන සියලු අවස්ථාවන්ට
සහභාගී වන්නටත් ගැටලු සඳහා පිළියම් ලබාදීමටත් ඔහුට සිදු වෙනවා. ඇතැම්විට එය ආර්ථික
ගැටලුවක් වෙන්නට පුළුවන්. තවත් විටෙක එය පවුල් සංස්ථාව පිළිබඳ ගැටලුවක් වෙන්නට
පුළුවන්. ඇතැම්විට එය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ ගැටලුවක්
වෙන්නට පුළුවන්. තවත් සහමරවිටෙක එය මත්ද්රව්යවට ඇබ්බැහිවූවන් පිළිබඳ ගැටලුවක්
වෙන්නට පුළුවන්. සමහරවිට ආබාධිතයන් පිළිබඳ ගැටලුවක් වෙන්නටත් පුළුවන්. මේ සඳහා අපේ
සමෘද්ධි නිලධාරියාට ශක්තිමත් මානසික වාතාවරණයක් අත්‍යාවශ්‍යයි. ඒ නිසා ම සෑම
සමෘද්ධි නිලධාරියෙකුට ම මනෝවිද්‍යා උපදේශන පාඨමාලාවක් ලබාදීමට කටයුතු කරනවා යැයි
සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක
මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගියදා දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර, 3වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකා පුහුණු
පාසලෙහි පැවැත්වෙන නව සමෘද්ධි පත්වීම්ලාභී නිලධාරිනියන් සඳහා පැවැත්වෙන ‘නායකත්ව
හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාව’ අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
එපමණක් නොවෙයි අපේ රටේ මෙතෙක් කාලයක් සිදු
නොකෙරුණු ශ්රව්යාබාධිතයන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම පිණිස සමෘද්ධි පවුල්වල දරුවන්
පුහුණු කොට ඔවුන් සඳහා ඩිප්ලෝමා පාඨමාලාවක් ලබා දීමෙන් අනතුරුව පාසල්වලට, රෝහල්වලට
ආදී ආයතනවලට රැකියාවක් ලබා දී යොමු කරන්නට අපි කටයුතු කරනවා. මේ වනවිටත් සංඥා
භාෂාව පිළිබඳ පළමු ඩිප්ලෝමාධාරීන් 50දෙනා පිටවී අවසන්. ඔවුන්ට පාසල්වල, රෝහල්වල
පත්වීම් ලබා දෙන්නට කටයුතු කරගෙන යනවා. මේ රටේ දෘෂ්‍යාබාධිතයන් සඳහා වගේ ම
අබාධිතයන් සඳහා නිසි අධ්‍යාපන වටපිටාවක් සකසා දිම තමයි අපේ අරමුණ. ඒ තුළ ආබාධිත
දරුවන් අධ්‍යාපනයට යොමු කරලා රටේ සංවර්ධන ක්‍රියාදාමයට ඔවුන්වත් දායක කරගන්නට
පුළුවන්. දැනටත් ආබාධිත දරුවන් විශ්වවිද්‍යාය දක්වා යනවා. නමුත් ඉතා ම සුළු පිරිසක්.
ඔවුන් තුළ තිබෙන දක්ෂතාවලින් නිසි ප්‍රයෝජන රටට ලබා ගන්නට අවැසි වටපිටාව අපි
නිර්මාණය කරනවා.
අපි 1995 ආරම්භ කරපු සමෘද්ධි ව්‍යාපාරය පසුගිය
වසර 10 තුළ විශාල කඩාවැටීමකට ලක්වුණා. රුපියල් බිලියන 200ක වත්කමක් දැනට අප සතුව
තිබෙනවා. නමුත් තවත් රුපියල් බිලියන 200ක් විතර එම කාලය තුළ අපට අහිමි වුණා. ඒකට
හේතු වුණේ සමෘද්ධි බැංකුවලින් නිසි ප්‍රයෝජන නොගත් නිසා. ගමේ අහිංසක මිනිස්සු ගිනි
පොලී කාරයන්ට අහුවෙලා සිය දිවි හානිකර ගන්න තත්ත්වයට අද පත් වෙලා තිබෙන්නේ සමෘද්ධි
බැංකුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසි පරිදි ලබා නොදුන් නිසයි. පසුගිය කාලයේ සියයට 2ට
සියයට 3ට ණය ලබාදීලා තිබුණා. ඇතැම් අවස්ථාවල පොලී නැතිව ණය ලබාදීලා තිබුණා. ඒවගේ ම
අපේ සල්ලි සියයට 6ට සියයට 7ට බැකුවල තැන්පත් කරලා තිබුණා.
පහුගිය කාලයේ සමෘද්ධි බැංකු 1074 ම පාඩු ලැබූ
ආයතන බවට පත්වෙලා තිබුණේ. නමුත් අපිට පුළුවන් වුණා මේ සියල්ලම වගේ නැවත ලාභ ලබන
තත්ත්වයට පත් කරන්නට. අපි ඉලක්කගතවයි වැඩ කරන්නේ. ප්‍රධාන ම ඉලක්කයක් තමයි ගමේ
අහිංසක මිනිස්සු මේ ගිනි පොලී මාෆියාවෙන් ගලවා ගන්න එක. ඒ සඳහා සමෘද්ධි බැංකුවලින්
ණය ලබා දෙන්නට පුළුවන්. සමෘද්ධි බැංකු මූල්‍යමය අතින් ශක්තිමත්.
එපමණක් නොවෙයි සියලු ම සමෘද්ධ බැංකු නවීන වාණිජ්‍ය
බැංකු තත්ත්වයට පත් කරන්නට රුපියල් ලක්ෂ 300ක් වෙන් කරන්නට අපි කටයුතු කරනවා. ඒ
අනුව සියලු ම නවීන උපකරණ වගේ ම ඩිජිටල් තාක්ෂණයත් එම බැංකුවලට හඳුන්වා
දෙනවා.සමෘද්ධි සහනාධාර ලබන පවුල්වල උසස් පෙළ ඉගෙන ගන්නා දරුවන්ට සෑම මසක ම රුපියල්
1500ක් බැගින් අපි මේ වනවිට ලබා දෙනවා. සෑම මසක ම 05 වෙනිදාට ඔවුන්ගේ ගිණුම්වලට එම
මුදල් යැවෙනවා.
මේ අවස්ථාවේ ඔබට සිහිපත් කරන්නට කැමතියි ඔබ මේ
සිදුකරන්නේ රැකියාවක් පමණක් නොවෙයි. රජයේ වශ්‍රාම වැටුප් ලබන රැකියාවක් කරන ගමන් ම
අහිංසක ජනතාව සුවපත් කරන්නට ත් ඔවුන් නඟ සිටුවන්නටත් කටයුතු කරන අතර පින් රැස්
කරගන්නට ඔබට පුළුවන්. මතක තබා ගන්න. මේක පිය 08 හෝ පැය 05 රැකියාවක් කර ගන්නට
හදන්න එපා. මේ රාජකාරිය සැබවින් ම දේවකාරියක් ලෙස සලකා කටයුතු කරන්න. යනුරවෙන් ද
පැවසී ය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සහ
ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය
ලේකම්තුමිය, සමෘද්ධි අධ්යක්ෂවරයා ඇකුළු පිරිසක් ද සහභාගී වූහ.
0 comments:
Post a Comment