Thursday, October 18, 2018

රැස - 2018.10.18


Wednesday, October 17, 2018

සමෘද්ධි සිප් ෙදාර ශිෂ්‍යත්ව දීමනාව ලබන්නන් 20,000 දක්වා ඉහළ දමන්නැයි පී හැරිසන් අමාත්‍යතුමන් ෙදපාර්ත ෙමන්තුවට දන්වයි.

සමෘද්ධි සිප් ෙදාර ශිෂ්‍යත්ව දීමනාව ලබන්නන් 20,000 දක්වා ඉහල දමන්නැයි පී හැරිසන් අමාත්‍යතුමන් ෙදපාර්ත ෙමන්තුවට දන්වයි.
අනාගත පරපුර දැනුමින්, අවබෝධයෙන් සපිරි පිරිසක් බවට පත්කරලීමට සිප්දොර ශිෂ්‍යත්වය අමිල කොටස්කරුවකු වී ඇති බවත්, එය ආර්ථික අපහසුතා මත පාසල් ගමනට තිත තැබූ දරුවන් නැවත පාසල් අධ්‍යාපනයට යොමු කරවීමට ගන්නා ලද සාර්ථක වෑයමක් බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
සැමගේ ජීවිතයට දැක්මක් අත්‍යාවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා ජීවිතයේ සාර්ථකත්වයට ඉල්ක්ක කර හඹා යා යුතු බවද පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අනුරාධපුර යොවුන් නිකේතනයේදී පසුගිය දා පැවති දිළිඳුකම පිටුදැකීම සඳහා මානසික සෞඛ්‍ය සම්පන්න තරුණ ප්‍රජාවකගේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා පැවති ජීවිතයට දැක්මක් සම්මන්ත්‍රණය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
තරුණ ශක්තිය තමයි රටේ ශක්තිය. ඒ බව හඳුනාගත් එක්සත් ජාතික පක්ෂය, තරුණ සේවා සභාව, යොවුන් සේනාන්කය ඇතිකළා. තරුණයන්ට ගමේ නායකත්වය ගෙන කටයුතු කරන්න අපි පදනම දැම්මා. විනයක්, හික්මීමක් ඇති, ගුණගරුක තරුණ ප්‍රජාවක් ගමෙන් බිහිකිරීම අපේ අරමුණයි.

අපේරටේ අනාගතය රටේ අධ්‍යාපනයයි. අපිට වෙන විකුණනන්න දෙයක් නැතිවෙයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලැබූ සමෘද්ධි ප්‍රතිලාභි දරුවන්ට උසස් අධ්‍යාපනය වෙනුවෙන් මූළ්‍යාධාර සැපයීමට සමෘද්ධි වැඩසටහන කටයුතු යොදා තිබෙනවා. ආර්ථික දුෂ්කරතා නිසා, උසස් අධ්‍යාපන අවස්ථා ගිලිහී යාමට ඉඩ නොදී දරුවාගේ අනාගත අධ්‍යාපනය සිප්දොර ශිෂ්‍යත්වයෙන් සුරක්ෂිත වෙනවා. මෙයින් සමෘද්ධි පවුල්වල දරුවන් වැඩි සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනවරම් හිමි කර ගැනීමට හැකිවී තිබෙනවා.

සමෘද්ධි අමාත්‍යවරයා ලෙසට පත්ව එන විට, සිප්දොර ශිෂ්‍යත්ව හිමිකම් ලැබී තිබුණේ දසදහසක (10,000) ක පිරිසකට පමණයි.මම එය පහලොස්දහස (15,000) දක්වා වැඩි කළා. ලබන වසරේදී සිප්දොර ශිෂ්‍යත්ව සංඛ්‍යාව විසිදහසක් (20,000) දක්වා වැඩි කිරීමට මම උපදෙස් ලබාදී තිබෙනවා.

ජාතික තරුණසේවා සභාව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික සමාජ සංවර්ධන ආයතනය එක්ව මෙම සම්මන්ත්‍රනය සංවිධානය කොට තිබුණි.

වෛද්‍ය චමින්ද සිරිවර්ධන, මහාචාර්ය දයා අමරසේකර, ජගත් කීර්තිරත්න යන මහත්වරු විසින් දේශන පවත්වන ලදී.

සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ශිරාණි වීරකෝන්, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ජනරාල් ශාමිණි අත්තනායක යන මහත්ම මහත්මීන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.



සමෘද්ධිලාභීන් සවිබල ගන්වන්න රුපියල් 25000 ක් 50000ක් දීම ම ප්‍රමාණවත් නැහැ. ඒ සදහා කඩිනමින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය.

සමෘද්ධිලාභීන් සවිබල ගන්වන්න රුපියල් 25000 ක් 50000ක් දීමම ප්‍රමාණවත් නැහැ. ඒ සදහා කඩිනමින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය.

සමෘද්ධිලාභීන් සවිබල ගන්වන්න රුපියල් 25000 ක් 50000ක් දීම ප්‍රමාණවත් නැහැ. ඒ සදහා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය ලබා දෙන්න කටයුතු කරනවා යැයි සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංහයේ මග පෙන්වීම මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනෙහි නිලධාරීන් ඇගයීම හා සහතික පත්‍ර ප්‍රදානයට එක් වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, 27000 ක්වු උගත් අත්දැකීම් වලින් පිරි සමෘද්ධි නිලධාරීන්ගෙන් අපි මෙතෙක් ගත් ප්‍රයෝජනය කුමක්ද? මේ අයත් කාර්ය මණ්ඩලයක් නඩත්තු කරන්න වසරකට රුපියල් බිලියන 12 ක් වැය කරනවා . එහෙම නම් අපිට හිතට එකගව සතුටු වෙන්න පුලුවන්ද? මේ නිලධාරීන් දේශපාලනයට යොදා ගත්තා පමණයි. දැන් අපි නිලධාරීන් හරි පාරේ අරන් යන්න කටයුතු කරනවා.
එක් ග්‍රාමසේවා වසමකින් දක්ෂ ව්‍යවසායකයන් 10 ක් බිහි කරන්න අවශ්‍යයි. එවිට වසරකට හොද ව්‍යවසායකයන් එක් ලක්ෂ හතලිස් දහසක් පනස් දහසක් හදන්න පුලුවන් .මේ සදහා පළමුවෙන්ම සමෘද්ධි නිලධාරියා සවිබල ගන්වන්න අවශ්‍යයි. සමෘද්ධි නිලධාරියාට ව්‍යාපාති වාර්තාවක් හදන්න , සමෘද්ධිලාභියාව ව්‍යාපාරයට යොමු කරන්නේ කොහොමද ඒ ව්‍යාපාරිකයාගේ නිෂ්පාදන වෙළදපොලට ගෙන යන මාර්ගය වැනි කරුණු පිළිබද හොද දැනුමක් තිබිය යුතුයි. මේ දැනුම සමෘද්ධි නිලධාරියාට ලබා දෙන්න වැඩ පිළිවෙල සකස් කර තිබෙන බවත් එය අනුරාධපුරෙන් ආරම්භ කළ බවත් පැවසීය.

මට අවශ්‍ය සමෘද්ධිලාභියා මට සහනාධාරය එපා වෙනත් දිළිදු අයෙකුට දෙන්න කියල සමෘද්ධි නිලධාරියාට ගෙනත් දෙන තැනට ගේන්න. ඒ තමයි මගේ ජයග්‍රහනය. මේ සදහා මුදල් ප්‍රතිපාදන අපි හොයා ගෙන අවශ්‍ය වැඩමුලු හා පුහුණු කිරීමේ පටිපාටියක් අපි හදා ගෙන යනවා. සමෘද්ධි සහනාධාර ලබා දීමේ 3 වන වැඩ සටහන ලබන මස අනුරාධපුරයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.

එහෙනම් මේකෙන් ගොඩ එන්න මම දැකපු ක්‍රමය තමයි සමෘද්ධි පවුල්වල එක්කෙනෙකුට හරි උගන්වන එක. එක දරුවකු හරි ඉස්සරහට ගෙනියන මාර්ගයක් ඇති කලොත් ඒ පවුල ගොඩ දානව අනිවාර්යයයෙන්ම . ඒ සදහා තමයි සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්වය ඇති කළේ. 10000 කුව තිබු ශිෂ්‍යත්ව ප්‍රමාණය මේ වසරේ සිට 15000 ක් කළා ලබන වසරේ 20000 ක් කරන්න බලාපොරොත්තු වෙනවා. නොවැම්බර් මාසයේ ලංකාව පුරා එකම දවසක මේ ශිෂ්‍යත්ව ලබා දෙන්න සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසීය.
ලබන අප්‍රේල් මාසය වන විට ලක්ෂ 8 ක් සදහා නව සමෘද්ධි ප්‍රතිලාභී හිමිකම් ලබා දෙන බව හෙතෙම වැඩි දුරටත් සදහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ශිරානි වීරක්කොඩ්, අතිරේක ලේකම් සමන් උඩවත්ත , සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි, අතිරේක ලේකම් සරත් රෑපසිංහ ,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම් වන්නිනායක යන මහත්ම මහත්මීන් ඇතුළු සමෘද්ධි නිලධාරීන් එක්ව සිටියහ.




Monday, October 15, 2018

ගොවීන්ට කඩිනමින් රුපියල් ලක්ෂයක ණයක්


කෘෂි කර්මාන්තයේ නියැලී සිටින ගොවීන් වෙනුවෙන් රුපියල් ලක්ෂය දක්වා කඩිනමි ණය ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුයේ පසුගියදා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා වසර 4කින් ඒ කියන්නේ කන්න 8කින් අනුරාධපුර ගොවින් වගා කරල නැහැ. බොන්න වතුර ටිකක් තිබුනේ නැහැ. මෙවර ගොවි ජනතාවට වගා කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය සහනාධාර ලබා දෙන්න රජය සුදානම්. සහන මිලට බිත්තර වී ලබා දීමට කටයුතු කරන ලෙස ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන බවත් පසුගිය කන්නයන්හි ලබා දුන් සහනාධාර මුදල් යලි අය කර නොගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් පැවසීය.
කන්න මැදදී වගා කටයුතු ආරම්භ කරන්න පටන් ගන්නේ නැතිව හැකි ඉක්මනින් කන්න රැස්වීම් පවත්වා වගා කටයුතු ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම විදුලිය නොමැති නිවාස සදහා සහනදායී ක්‍රමය යටතේ එනම් මුලින් මුදල් නොගෙවා විදුලි බිලෙන් අයකර ගැනීමේ වැඩ සටහන යටතේ විදුලිය ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.මෙම සහනදායී ක්‍රමය නැවතී තිබු බවත් විදුලිබල අමාත්‍යංශයට ඇමතිවරුන් කළ ඉල්ලීමකට අනුව එය නැවත දීර්ඝ කළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සතියක් ඇතුලත සෑම ග්‍රාමසේවා කොට්ඨාශයකම විදුලිය නොමැති නිවෙස්වල විදුලිය අවශ්‍ය නාම ලේඛණය සකස් කර ප්‍රාදේශීය ලේකම්වරයා හරහා විදුලි අධිකාරි වෙත එවන ලෙසද ග්‍රාම නිලධාරීන් වෙත අමාත්‍යවරයා මෙහිදී දැන්වීය.මේ වසර තුළ අනුරාධපුර බටහිර ආසනයේ සෑම නිවසකටම විදුලිය ලැබිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ලංකාවේ දුෂ්කරම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වන විලච්චිය ගොවිපවුල් නගා සිටුවීමට අවශ්‍ය සෑම සහායක්ම ලබා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.මෙම අවස්ථාවට විලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.තිලකරත්න , සංවර්ධන කමිටු සම සභාපති ඩබ්.බී.ඒකනායක යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

සාසනය වෙනුවෙන් සමෘද්ධිය




ලංකාවේ ප‍්‍රථම වරට දුෂ්කර පන්සල් සදහා සමෘද්ධි සහනාධාරය ලබාදෙන බව සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර තන්තිරිමලේ ඓතිහාසික රාජ මහා විහාරිය පරිශ්‍රයෙදි 8 වන ටොම් ඊ ජර්සි අඹ කලාපය සමාරම්භක උත්සවය හා එක්වෙමින් පැවැසීය.

Sunday, September 16, 2018

සමෘද්ධි හිමිකම මාතලේට - සමෘද්ධි සහනාධාර හිමිකමිපත් ප‍්‍රදානය ගරු අග‍්‍රාමාත්‍යතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ එඩිවඩ් ක‍්‍රීඩාංගනයේදී පැවැතින.....2018.09.15

 සමෘද්ධි සහනාධාර හිමිකමිපත් ප‍්‍රදානය ගරු අග‍්‍රාමාත්‍යතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ එඩිවඩ් ක‍්‍රීඩාංගනයේදී පැවැතින.....2018.09.15






















Wednesday, September 12, 2018

නැතිබැරිකමට කොළ එළියක් දෙන සමෘද්ධිය




                                                                                                                                                    ඊ.එස්.ගුණසේකර -  
සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

Friday, August 10, 2018

උද්ඝෝෂණය කිරීමෙන් සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳෙනවානම් උද්ඝෝෂණයට මාත් එනවා.- අමාත්‍ය පී. හැරිසන්.





උද්ඝෝෂණය කිරීමෙන් සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳෙනවානම් උද්ඝෝෂණයට මාත් එනවා.
                                                          අමාත්‍ය පී. හැරිසන්.

උද්ඝෝෂණය කිරීමෙන් සමෘද්ධි නිලධාරින් සම්බන්ධයෙන් උද්ගත වී ඇති සේවක ගැටලු විසදෙන්නේ නම් තමා ද එවැනි ඕනෑම උද්ඝෝෂණයකට එක්වන බවත්, අමාත්‍යධූරය ලබා ඉතා කෙටි කාලයක් තුළ මෙම සේවක ගැටලු විසඳීටම  අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කළ ද අධිකරණයේ නීතිමය කටයුතු කිහිපයක් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී ඇති බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.


 වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා.

අවුරුදු 20 – 23ක් වැඩ කරපු නිලධාරින්ට දැන් තියෙන  ප්‍රශ්නය තමයි, තම තමන්ගේ අනාගතයට මොකද වෙන්නේ කියන කාරණාව. සමෘද්ධි නිලධාරින්ට තවම විශ්‍රාම වැටුපක් නෑ. නිසි වැටුපක් නෑ. බලය හිමි දේශපාලන පක්‍ෂ සමෘද්ධි නිලධාරින්ගෙන් දේශපාලන වාසි ලැබුවා මිසක් සමෘද්ධි සේවක ප්‍රශ්න විසදන්න කටයුතු කළේ නෑ.

අපි මේ අමාත්‍යාංශය භාරගෙන මාස දෙකයි. මේ මාස දෙක ඇතුළත අවස්ථා තුනක දී අපි සමෘද්ධි සේවක ප්‍රශ්න විදසන්න අදාල ආයතන ඒක්ක මූලික සාකච්ඡාවක්පැවැත්වූවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ස්වදේශ කටුයුතු අමාත්‍යාංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුව, වැටුප් හා සේවක කොමිෂන් සභාව ඒ ආයතනයි. මේ වන විට සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳන්න කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා 5ක් ඉදිරිපත් කර තිබෙනවා.

සමෘද්ධිලාභීන්ව සතුටු කරන්න ඉස්සර වෙලා සමෘද්ධි නිලධාරින්ගේ සේවක ප්‍රශ්න විසදිය යුතුව තිබෙන බව මම අවබෝධ කරගෙනයි තියෙන්නේ.

මේ සේවක ප්‍රශ්න ගැන දැනට අධිකරණයේ නඩු 2ක් තියෙනවා. නීතිපතිතුමා කියලා තියෙන්නේ ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු විභාගය අවසන් වන තෙක් තීන්දු ගන්න එපා කියලයි. ඒක කැබිනට් මණ්ඩලයට නීතිපතිතුමන් දැනුම් දීලා තියෙනවා. නීතිපතිතුමන්ගේ ඒ දැනුම් දීම මත විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් වැටුප් හා සේවක කොමිෂන් සභාවත්, රාජ්‍ය සේවා කොමිසමත් අදාල ආයතනත් බලා ඉන්නේ මේ නඩු තීන්දුව එනකල්. ඒ නිසා මේ නඩු තීන්දුව එන තෙක් ඒ නිලධාරීන් තීන්දු තීරණ නොගෙන ඉන්නවා. අධිකරණයේ යම් නඩු කටයුත්තක් තියෙනවානම් ඒකට තීන්දු තීරණ විසඳුම් තිබිය යුතුමයි.

සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳීමේ දී දේශපාලන වාසි අවශ්‍ය වන්නේ නෑ. මේ ඇමතිකමෙන් යන්න කලින් සමෘද්ධි සේවක ප්‍රශ්නවලට හරිහමන් විසඳුමක් දීලා සමෘද්ධි නිලධාරීන්ගේ රැකියා ස්ථිර කරලා විශ්‍රාම වැටුපක් හදලා දීලා තමයි ඇමතිකමෙන් යන්නේ යැයි ද අමාත්‍යවරයා  පැවසීය.


Thursday, August 2, 2018

සුදු වෑන් මරබියෙන් මුදාගත් රටේ ජනතාව නිදහසේ ජීවත් කරවන්නේ යහපාලනයයි.


සුදු වෑන් මරබියෙන් මුදාගත් රටේ ජනතාව නිදහසේ ජීවත් කරවන්නේ යහපාලනයයි. අමාත්‍ය පී. හැරිසන්
______________________

ජනතා අයිතිය වෙනුවෙන් පසුගිය යුගයේ දී උද්ඝෝෂණයේ යෙදීමට කිසිඳු අවස්ථාවක් නොලද බවත් එසේ කළ නායකයින් හට උරුම වූයේ අතුරුදහන් වීම පමණක් බවත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
සුදු වෑන් මරබියෙන් රට මුදාගත් යහපාලනය යටතේ ඕනෑම අයෙකුට උද්ඝෝෂණයේ යෙදීමට අවස්ථාව සලසා දී ඇති බවත් එසේ වන නායකයින් දැන් අතුරුදහන් නොවන බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.
මාතර, වැලිගම නගරශාලාවේ දී පැවති දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරි හමුවට සහභාගී වෙමින් ඉන් අනතුරුව මාධ්‍යවේදීන්නැගු ප‍්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට මිනිස්සු අපෙන් ඉල්ලා සිටියේ සංවර්ධනය නෙවෙයි. අපිට පාරේ බැහැලා යන්න අයිතිය දෙන්න කියලා. අද ඒක වෙලා තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ උද්ඝෝෂණය නොකර ඉඳලා එකපාරට ම මහරජාණන්ගේ ආණ්ඩුව ම ජනාධිපතිවරණයෙන් සේදිලා ගියා. උද්ඝෝෂණය කරලා රටේ ජනතාවගේ ප්‍රශ්න එළියට ආවා ම ඒවට විසඳුම් දෙන්න පුළුවන්. අපි හැමෝම බලාපොරොත්තු වුයේ නිදහස් රටක්. අද අපේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙලා තියෙනවා.
අපේ ලැයිස්තුවල හැටියට ලක්‍ෂ 08 - 10ක පිරිසකට සමෘද්ධීය ලැබිය යුතුව තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසයේ මුල් සතියේ අලුත් පවුල් ලක්‍ෂ 02කට පළමු වටයේ දී සමෘද්ධි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ලබන අවුරුද්දේ තව පවුල් ලක්‍ෂ 04 – 05ට සමෘද්ධිය ලබාදෙනවා. දවල් හීන දකින අය කැමති මේ සමෘද්ධි වැඩසටහන අක්‍රීයව පවතිනවානම්. ඒ අයට සහනාධාර නොදී තියෙනවානම්. එතකොට ඒ අයගේ ,ඒකාබද්ධයේ..වැඩසටහන්වලට මේ අය නම්මගන්න ලේසියි. දැන් ඒ අයට මහා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපේ අලුත් වැඩසටහන.අපි පක්‍ෂ පාට බේදයකින් තොරව සමෘද්ධිය ලැබිය යුතු සියලු දෙනාට සමෘද්ධි සහනාධාරය ලබාදෙනවා.
පසුගියදා ඇඹිලිපිටිය විහාරස්ථානයක පිළිමයක් නිරාවරණය කිරීමේ උත්සවයට හිටපු ජනාධිපතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ....සමහරු ලොකු චිත්‍ර මව මවා පෙන්නුවා, ඇන්දුවා මහරජාණන්. හැබැයි ජනතාව අතරට ගියාට පස්සේ 2015 ජනවාරි 08වෙනිදා මේ රටේ ජනතාව එතුමාට දෙන්න තියෙන හොඳම පණිවුඩය දුන්නා. එතුමාගේ ක්‍රියාව කොහොමද කියලා මුළු රට ම දැනගත්තා. ඒත් හිතන් ඉන්නේ තාමත් ජනපති කියලායැයි ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජේ. දඩල්ලගේ, අමාත්‍ය උපදේශක ලෙස්ලි තිසේරා යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ.

Tuesday, June 12, 2018

ඉදිරි අවුරුදු එකහමාර තුළ ලක්ෂ 5 කට අළුතින් සමෘද්ධිය දෙනවා. -අමාත්‍ය පී. හැරිසන්-


ඉදිරි අවුරුදු එකහමාර තුළ ලක්ෂ 5 කට අළුතින් සමෘද්ධිය දෙනවා. -අමාත්‍ය පී. හැරිසන්-
පාට පක්ෂ, ජාති ආගම්, කුළමළ භේදයෙන් තොරව සමෘද්ධිය නියම සුදුස්සාට ලබා දීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරි අවුරුදු එකහමාර තුළ දී ලක්ෂ 5කට අළුතින් සමෘද්ධි සහනාධාරය ලබා දීම තම අමාත්‍යාංශයේ ඉලක්කය බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
මධ්‍යම නුවර ගම්පළාත ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් නියගයෙන් පීඩා විදි ගොවි පවුල් වෙත නියං සහනාධාර බෙදාදීමට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.
මෙම වසරේ අගෝස්තු මස වන විට ලක්ෂ 02කට පමණ පිරිසකට ද දෙසැම්බර් මස වන විට තවත් ලක්ෂ 02ක පිරිසකට ද අළුතින් සමෘද්ධිය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා ඊළඟ අප්‍රේල් මස වන විට තවත් ලක්ෂයක පමණ පිරිසකට අළුතින් සමෘද්ධිය ලබා දෙන බව ද පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අවම වශයෙන් එක කොට්ඨාසයක පවුල් 10කට 12කට මේ තුළින් සමෘද්ධිය අළුතින් ලැබෙනවා. සමෘද්ධි නිලධාරී, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරීගේ නිර්දේශ හරහා ප්‍රදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හරහා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ට, අමාත්‍යාංශයට අදාළ ඉල්ලුම් පත්‍ර එවන්න කටයුතු කරන්න. අපි පළමු වටේ එතනින් දෙන්නම්. දිය යුතුම පිරිසක් එතන ඉන්නවා. හැබැයි ඊළඟ වට දෙක තුන දෙනකොට අපි අර අතහැරිච්ච පිරිස් වලටත් සමෘද්ධිය දෙන්න ලෑස්ති කරනවා. ඒ නිසා අළුතින් සමෘද්ධි බලාපොරොත්තු වන අයට මම කියන්නෙ ඔබ තුමන්ලාගේ අභියාචනා මම කියපු නිලධාරීන්ට ඉදිරිපත් කරන්න පුවත්පත් මගින් වගේම සමෘද්ධි නිලධාරීන් හරහා අපි කටයුතු කරනවා කියලයි. ඒකෙදි සමෘද්ධිය බලාපොරොත්තු වන අයට තනි තනියෙන් අභියාචනා ඉදිරිපත් කරන්නැයි, ද අමාත්‍යවරයා පවසා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ස්වේච්ඡා සංවිධාන වල තියෙන අදහස් ඉදිරිපත් කරන්න. ආගමික සංවිධානවල අදහස් ඉදිරිපත් කරන්න. ඒ වගේම මහජන නියෝජිතයින්ට තමන්ගේ උදවිය ගැන තියෙන අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. සමෘද්ධි නිලධාරී ඇතුළු මම කියපු අර නිලධාරීන් 4දෙනාට අදහස් ඉදිරිපත් කරන්නඅවස්ථාව තියෙනවා. එහෙම නැතුව මම ඇවිල්ලා මේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ඇමතිවරයා කියලා පාට පක්ෂ තෝරලා ඒ අයට සමෘද්ධිය දෙන්න මම ලෑස්ති වුනේ නෑ. ඒ නිසා මේක විනිවිද භාවයෙන් පේන විදියට නියම සුදුස්සන් සමෘද්ධි ලාභීන් විදියට තෝරා ගන්නවා, යැයි අමාත්‍යවරයා පැවසීය.