Saturday, January 14, 2017

Filled Under:

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට උපදෙස්

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා උපකුලපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

2016 වර්ෂයේ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගති සමාලෝචනය හා 2017 වර්ෂය තුළ දිවයිනේ එක් එක් විශ්වවිද්‍යාල කටයුතු කළ යුතු ආකාරය සහ විශ්වවිද්‍යාල තුළ මතුවන ගැටලු විසඳාලීම වෙනුවෙන් සාකච්ඡාවක්  දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අද (13) අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණ.

0 comments:

Post a Comment