ශ්‍රී ලංකා නිෂ්පාදන වෙනුවෙන් ක්‍රියාත්මක
වූ බදු ඉවත් කරමින්, GSP+ බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා
කොමිසම යෝජනා කර ඇත. ඒ අනුව ඇඟලුම්, ධීවර හා රබර් නිෂ්පාදන ඇතුළු ශ්‍රී
ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා දැනට පවතින සියයට 66 ක බදු ප්‍රතිශතය මුළුමනින්ම
ඉවත්වෙනු ඇත.
එවකට පැවැති රජයේ අදුරදර්ශි ක්‍රියාපිළිවෙත හේතුවෙන් යුරෝපා සංගමය
විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් GSP+ බදු සහනය 2007 වසරේදී සීමාකරනු ලැබූ අතර,
2010 වසරේදී එය සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබීය. මෙමගින් ශ්‍රී ලංකාවට
අහිමි වූ ආර්ථික පාඩුව රුපියල් කෝටි 37,500 ක් ලෙස ගණන් බලා ඇත.
0 comments:
Post a Comment