නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහකොලගම කලාපය මගින්
කලාපයේ වසම් 15 තුළ ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින පවුල් 15 ක් තෝරා එම
පවුල් සදහා රුපියල් 3000 ක් වියළි ආහාර මල්ලක් ලබා දීම සහ දිවා ආහාර වේලක්
ලබා දී එම පිරිස වෙනුවෙන් ධර්ම දේශනයක් පැවැත්වීම
එම බැංකු පරිශ්‍රය තුළ සිදු කරන ලදි .
Tuesday, May 30, 2017
දුම්වැටි විරෝධී සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට පළදවයි ....
හෙටට
(31) යෙදෙන ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය නිමිත්තෙන් සමෘද්ධි සංවර්ධන
දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව සංවිධානය කර තිඛෙන කොඩි වැඩසටහනේ පළමු
කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (30)
පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ගං වතුරින් හානියට පත් හිනිදුම දිවිනැගුම ප්‍රජාමුල බැංකුව පිරිසිදු කෙරේ
අයගහපත් කාලගුණ තත්වය නිසා ඇතිවු ගංවතුර තත්වය නිසා උඩුගම, හිනිදුම, නෙඵව, තවලම යන ප්‍රදේශයන් දැඩි ලෙස ආපදාවට ලක්ව තිබින. එම ගංවතුර ආපදාවෙන් ගාල්ල හිනිදුම සමෘද්ධි ප්‍රජාමුල බැංකුව මුඵමනින්ම ජලයෙන් යටවීම නිසා දැඩි අලාභ හානි සිදුවිය.
Monday, May 29, 2017
Sunday, May 28, 2017
සමෘද්ධි සහනාධාරලාභීන්ට ආර්ථික ශක්තිය ලබන හැටි කියා දෙයි
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැනට සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභින් ආර්ථික වශයෙන් සාමාජිය වශයෙන් සවිබල ගැන්වීම සදහා ඉදිරි කාල සීමාව තුලදි ඉතිරි කිරිම් ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ට ආකල්පමය වෙනසක් ඇති කිරිමට අවශ්‍ය දැනුම ලබා දීම පසුගිය දා කොත්මලේ දී සිදු විය.
කිරිගවයින් මරණයෙන් මුදවා ගනී
කිරි ගවයන් තිදෙනෙකු මරණින් මුදවා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 03ක්
සදහා ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා පරිත්‍යාග කිරීමේ පුන්‍ය කර්මයක් ආරච්චිකට්ටුව මානවේරිය දිස්ත්‍රික් සමෘද්ධි අළෙවි මධ්‍යස්ථානය අසලදි සිදුකරනු ලැබීය.
සමෘද්ධි සංවර්ධන නිළධාරින් ඇගයයි
කොත්මලේ ප්‍රාදේශිය ලේකම් අයි.එම්.සේනානායක මහතාගේ සංකල්පයක් අනුව කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සමෘද්ධි සංවර්ධන නිළධාරි ඇගයිමේ වැඩ සටහනක් පසුගිය දා ප්‍රජා මූල සමිති ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සහන සේවා ඇරඹේ
ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති සහන සේවා වැඩසටහනට ලබා දීමට අපේක්ෂිත සියළුම අධාර දිවයිනපුරා පිහිටි 1074 වූ ඔබට ළඟම සමෘද්ධි ප්‍රජා මූල බැංකු වෙත ගෙනවිත් භාර දෙන ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
Sunday, May 7, 2017
වෙසක් සතියට වැලිමඩ පිම්කම් මාලාවක්
වෙසක් සතිය නිමිතිකරගෙන වැලිමඩ සමෘද්ධි බැංකුව හා දිවුරුම්වෙල පුරාණ විහාරස්ථ දායක සභාව එක්ව සංවිධානය කළ විශේෂ ධර්ම දේශනා වැඩසටහනක් ඊයේ ( 07) දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වින.
සමෘද්ධිය නැංවීමට ටැබ් යන්ත්‍ර පිරිනැමේ
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිය සන්නිවේදන ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් පත් කර ඇති සමෘද්ධි සන්නිවේදකයින් හට ටැබ් පරිගණක බෙදාදීමේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදකයින් 23 දෙනෙකුට ටැබ් පරිගණක බෙදා දීම සිදු කෙරිණි.
මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ 19 වෙනි සම්මේලනය
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ 19 වෙනි සම්මේලනය පසුගියදා කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්.අශෝක කුමාර මහතාගේ හා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් ගංගා සංජීවනී මෙනවියගේ ප්‍රධානත්වයෙන් මීගොඩ විහග උත්සව ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල ප්‍රාදේශීය කමිටුව පිහිටුවයි
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා මූල ප්‍රාදේශීය
කමිටුව පිහිටුවීම, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ජී එස්
.කේ.කන්නන්ගර මහතාගේ හා කොළඹ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි අධ්‍යක්ෂ ෆීනික්ස්
ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය
ශ්‍රවණාගාරයේදී පැවැත්විණ .
මැදිරිගිරිය සමෘද්ධි අභිමාණී වෙළඳ ප්‍රදර්ශනය
මැදිරිගිරිය සමෘද්ධි අභිමාණී වෙළඳ ප්‍රදර්ශනය හා සැනකෙළිය පසුගිය දා මැදිරිගිරිය පොල භූමියේ දි පැවැත්විණි.
දිරිය පියසින් බඹරගල වැන්දඹු පවුලකට නිවසක්
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිරිය ළියට සෙවනක් නිවාස වැඩසටහන යටතේ වැලිගෙපොලප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඹරගල වසමේ ඩී.ඩී.පියසීලී කුසුමලතා මහත්මියට නිවසක් පිරිනැමීය.
Subscribe to:
Posts (Atom)