Tuesday, December 26, 2017

කොස්ලන්දට සනීපාරක්ෂක පහසුකම්



බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද වසමේ සහනාධාරලාභි පවුල් සදහා සනීපාරක්ෂක පහසුකම් සදහා ආධාර ලබාදිම පසුගියදා  සිදු කෙරිණ .

ඌවපරණගමට සමෘද්ධියෙන් කුඹුක් හා වන පැල








සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ බෙරලිය පොල පන්සල් භුමිය හා සපුගොල්ල වැව් රක්ෂිතයේ කුඹුක් හා වන පැල සිටවිම පසුගියදා ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් ජ්.එම්.චමිල ඉන්දික ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

Wednesday, December 13, 2017

සමෘද්ධි නිලධාරීන් සඳහා මනෝ විද්‍යා උපදේශන පාඨමාලාවක් ලබා දෙනවා- අමාත්‍ය එස්.බී.දිසානායක





සමෘද්ධි නිලධාරීන් කියන්නේ ගමේ දුප්පත් අහිංසක ගැමියන් සමඟ ගනුදෙනු කරන නිලධාරියෙක්. ගමේ මිනිස්සුන්ගේ දුක සැප බෙදා ගන්නට ඔහුට සිදු වෙනවා. ගමේ මිනිසුන්ගේ ගැටලු විසඳන්නට, ඔවුන් විඳින-විඳවන සියලු අවස්ථාවන්ට සහභාගී වන්නටත් ගැටලු සඳහා පිළියම් ලබාදීමටත් ඔහුට සිදු වෙනවා. ඇතැම්විට එය ආර්ථික ගැටලුවක් වෙන්නට පුළුවන්. තවත් විටෙක එය පවුල් සංස්ථාව පිළිබඳ ගැටලුවක් වෙන්නට පුළුවන්. ඇතැම්විට එය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ ගැටලුවක් වෙන්නට පුළුවන්. තවත් සහමරවිටෙක එය මත්ද්‍රව්‍යවට ඇබ්බැහිවූවන් පිළිබඳ ගැටලුවක් වෙන්නට පුළුවන්. සමහරවිට ආබාධිතයන් පිළිබඳ ගැටලුවක් වෙන්නටත් පුළුවන්. මේ සඳහා අපේ සමෘද්ධි නිලධාරියාට ශක්තිමත් මානසික වාතාවරණයක් අත්‍යාවශ්‍යයි. ඒ නිසා ම සෑම සමෘද්ධි නිලධාරියෙකුට ම මනෝවිද්‍යා උපදේශන පාඨමාලාවක් ලබාදීමට කටයුතු කරනවා යැයි සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසී ය.

. මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු සාමාජිකයින්ට එක් දින වැඩමුළුවක්




ජානාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ
ඒකකයේ ප්‍රතිපාදන මත ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු සාමාජිකයන් සදහා එක් දින වැඩමුළුවක් පසුගියදා ඉතා සාර්ථකව පවත්වන ලදි .මෙය ඌවපරණගම සමෘද්ධි සමාජ සංවර්ධන  අංශය මගින් සංවිධානය කෙරිණි.

Thursday, November 23, 2017

'සමෘද්ධි' පුවත්පතේ පළමු සංවත්සරය සැමරෙයි...

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ද්වීභාෂා නිල පුවත්පත වන 'සමෘද්ධි' පුවත්පතේ පළමු සංවත්සරය ලේක්හවුස් ආයතනයේ දී ඊයේ (23) පැවැත්විණි.

Monday, November 20, 2017

දිරිය පියසින් ශාන්තිට ශාන්තියක්


සමෘද්ධි   දිරිය පියස නිවාස වැඩසටහන යටතේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඔසනගොඩ ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ලාභී කේ.වී.ජී.ශාන්ති ගමගේ මහත්මිය‍ගේ නිවස අභිනවයෙන් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සහ අත්තිවාරම් දැමීම පසුගියදා මහ සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මැද්දේ සිදු කෙරිණ.

නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට නායකත්ව හැකියා හා ධනාත්මක ආකල්ප සංවර්ධන වැඩසටහනක්

පසුගියදා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් බදවා ගන්නා ලද සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1094 ක් සදහා ශ්‍රි ලංකා යුධ හම්දාව හා එක්ව නායකත්ව හැකියා හා ධනාත්මක ආකල්ප සංවර්ධන වැඩසටහනක් යුධ හමුදා පාසැල් 17 ක් තුළ අද (20) දින සිට ලබන මස 11 දින දක්වා පැවැත්වේ.

නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 කට රාජ්‍ය සේවයේ පත්වීම්





සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළබඳ අමාත්‍යවරයා වශයෙන් අද අතිශයින් සතුටට පත් වූ දිනයක්. නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමට ලැබීම සම්බන්ධයෙනි. අවුරුදු 22කට පසු මගේ සමෘද්ධි පවුලට අලුතින් එකතුවන ජවයෙන් යුත් තරුණ තරුණියන් හද පිරි සතුටින් පිළිගන්නෙමි. වසර 30කට පසුව සමෘද්ධියට නව ජවයක් එක් කළ දිනය අදයි. වැටි වැටී දණින් පැමිණි සමෘද්ධිය අලු ගසා නැගිටුවන්නටත් දිළිඳුකම තුරන් කිරීමේ ජාතික කර්තව්‍ය සඵල කිරීමටත් දැන් අපට හැකි වනු ඇත. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට අලුත් ඉරක් ලක් දෙරණට උදාවනු දැකීම මගේ බලාපොරොත්තුව යි. ඒ සියල්ල සඳහා ඔවුන් ශාරීරිකව, මානසිකව මෙන් ම ආර්ථික වශයෙන් ද සවිබල ගන්වන්නට අප සූදානම් ය.එකී සවිය ඔවුන් හරහා රටට බෙදන්නට රටේ අහිංසක දුප්පත් ජනතාවට බෙදන්නට අපට හැකිවනු ඇත....හෙට ඒ දිනය උදාවන තෙක් ඉවසුම් රහිතව ඇඟිලි ගනින්නෙමි.(2017/11/15-නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය-සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය)

Sunday, November 19, 2017

ගාල්ල කඩවත් සතරට ව්‍යාපාරික සායනයක්




ස්වයං රැකියාවල නියුක්ත ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ලාභීන් සදහා ව්‍යාපාරික සායනයක් පසුගියදා ගාල්ල කඩවත් සතර ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Monday, November 13, 2017

සමෘද්ධි සංවර්ධන නිලධාරී පත්වීම් ලිපි ප්‍රදානය හෙට

 සමෘද්ධි සංවර්ධන නිලධාරීන් (විපර්යකාරක-CHANGE AGENT)  1904 ක් සදහා නව පත්වීම් හෙට(15) දින
දී ලබාදීමට නියමිතය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩා පරිශ්‍රයේ දී  හෙට උදෑසන 9.00 ට උත්සවාකාරයෙන්  පැවැත්වෙන මෙම අවස්ථාව සදහා සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබද ගරු අමාත්‍ය එස්.බී .දිසානායක මැතිතුමන් , ගරු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මැතිතුමන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේතුවේ නිලධාරීන් ද  සහභාගී වීමට නියමිතය.

Wednesday, November 8, 2017

බිංගිරියේ නීල් සුදත්ට හිසට සෙවනක්- හිතට නිවනක්

   පිළිකා රෝගයෙන් පෙළෙමින් තම දරු දෙදෙනා බිරිඳ සහ මව සමඟ ජීවත් වූ ඩබ්.ඒ.නීල් සුදත් ශාන්ත මහතාට ස්ථාර නිවෙසක වාසය කිරීමට වරම් උදා විය. බිංගිරිය විහාර මාවතේ ස්ථිර නිවෙසක් නොමැතිව හෙතෙම තම ජීවිකාව ගෙන ගියේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහන  යටතේ මෙම නිවෙස ඉදිකිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙන ලදි.

Tuesday, November 7, 2017

ජාත්‍යන්තරය ජයගත් සමෘද්ධි නිලධාරියා

ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පෙට්ටිගලවත්ත කලාපයේ මිණුවන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ, සමෘද්ධි සංවර්ධන නිලධාරි  ලෙස සේවය කරන ජී.එම්.අනිල් ද සිල්වා  තම ක්‍රීඩා කෞශල්‍යය තුලින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටිය ජයගනිමින් ශ්‍රී ලංකා මාතාව පදක්කම්වලින් සරසන්නට සමත්ව ඇත.

පාසැල් සිසුන් සදහා මත්නිවාරණ වැඩසටහන

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගීන්ම ත්ද්‍රව්‍ය භාවිතයට දරුවන් යොමුවීම වැලැක්වීම සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළබද නිවැරදි දැනුම සිසු දරුවන් වෙත ලබාදීමේ දැනුවත් කිරීමේ වැඩසටහන්දි යත් කර ඇති අතර එහි එක් පියවරක් ලෙස කිරිවත්තුඩුව විජයවර්ධන මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් සදහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් කීරිවත්තුඩුව විජයවර්ධන විද්‍යාලයේදී පැවැත්වින.

Tuesday, May 30, 2017

අසරණ පවුල් සදහා වියළි ආහාර ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක්

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහකොලගම කලාපය මගින් කලාපයේ වසම් 15 තුළ ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින පවුල් 15 ක් තෝරා    එම පවුල් සදහා රුපියල් 3000 ක් වියළි ආහාර මල්ලක් ලබා දීම සහ දිවා ආහාර වේලක් ලබා දී එම පිරිස වෙනුවෙන් ධර්ම දේශනයක් පැවැත්වීම එම බැංකු පරිශ්‍රය තුළ සිදු කරන ලදි .

දුම්වැටි විරෝධී සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට පළදවයි ....

හෙටට (31) යෙදෙන ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය නිමිත්තෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව සංවිධානය කර තිඛෙන කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ගං වතුරින් හානියට පත් හිනිදුම දිවිනැගුම ප්‍රජාමුල බැංකුව පිරිසිදු කෙරේ

අයගහපත් කාලගුණ තත්වය නිසා ඇතිවු ගංවතුර තත්වය නිසා උඩුගම, හිනිදුම, නෙඵව, තවලම යන ප්‍රදේශයන් දැඩි ලෙස ආපදාවට ලක්ව තිබින. එම ගංවතුර ආපදාවෙන් ගාල්ල හිනිදුම සමෘද්ධි ප්‍රජාමුල බැංකුව මුඵමනින්ම ජලයෙන් යටවීම නිසා දැඩි අලාභ හානි සිදුවිය.

Monday, May 29, 2017

''නොසිඳෙන දයාව'' සමඟ සමෘද්ධීය එක්වේ

ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති සහන සේවා වැඩසටහන ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවේ ''නොසිඳෙන දයාව'' ව්‍යාපෘතිය හා එක් වෙයි.

Sunday, May 28, 2017

සමෘද්ධි සහනාධාරලාභීන්ට ආර්ථික ශක්තිය ලබන හැටි කියා දෙයි

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැනට සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභින් ආර්ථික වශයෙන් සාමාජිය වශයෙන් සවිබල ගැන්වීම සදහා ඉදිරි කාල සීමාව තුලදි ඉතිරි කිරිම් ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ට ආකල්පමය වෙනසක් ඇති කිරිමට අවශ්‍ය දැනුම ලබා දීම පසුගිය දා කොත්මලේ දී සිදු විය.

කිරිගවයින් මරණයෙන් මුදවා ගනී

කිරි ගවයන් තිදෙනෙකු මරණින් මුදවා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 03ක් සදහා ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා පරිත්‍යාග කිරීමේ පුන්‍ය කර්මයක් ආරච්චිකට්ටුව මානවේරිය දිස්ත්‍රික් සමෘද්ධි අළෙවි මධ්‍යස්ථානය අසලදි සිදුකරනු ලැබීය.

සමෘද්ධි සංවර්ධන නිළධාරින් ඇගයයි

 කොත්මලේ ප්‍රාදේශිය ලේකම් අයි.එම්.සේනානායක මහතාගේ සංකල්පයක් අනුව කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සමෘද්ධි සංවර්ධන නිළධාරි ඇගයිමේ වැඩ සටහනක් පසුගිය දා ප්‍රජා මූල සමිති ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සහන සේවා ඇරඹේ

ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති සහන සේවා වැඩසටහනට ලබා දීමට අපේක්ෂිත සියළුම අධාර දිවයිනපුරා පිහිටි 1074 වූ ඔබට ළඟම සමෘද්ධි ප්‍රජා මූල බැංකු වෙත ගෙනවිත් භාර දෙන ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Sunday, May 7, 2017

වෙසක් සතියට වැලිමඩ පිම්කම් මාලාවක්

වෙසක් සතිය නිමිතිකරගෙන වැලිමඩ සමෘද්ධි බැංකුව හා දිවුරුම්වෙල පුරාණ විහාරස්ථ දායක සභාව එක්ව සංවිධානය කළ විශේෂ ධර්ම දේශනා වැඩසටහනක් ඊයේ ( 07) දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වින.

සමෘද්ධිය නැංවීමට ටැබ් යන්ත්‍ර පිරිනැමේ

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිය සන්නිවේදන ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් පත් කර ඇති සමෘද්ධි සන්නිවේදකයින් හට ටැබ් පරිගණක බෙදාදීමේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදකයින් 23 දෙනෙකුට ටැබ් පරිගණක බෙදා දීම සිදු කෙරිණි.

මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ 19 වෙනි සම්මේලනය

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ 19 වෙනි සම්මේලනය පසුගියදා කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්.අශෝක කුමාර මහතාගේ හා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් ගංගා සංජීවනී මෙනවියගේ ප්‍රධානත්වයෙන් මීගොඩ විහග උත්සව ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල ප්‍රාදේශීය කමිටුව පිහිටුවයි

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා මූල ප්‍රාදේශීය කමිටුව පිහිටුවීම, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ජී එස් .කේ.කන්නන්ගර මහතාගේ හා කොළඹ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි අධ්‍යක්ෂ ෆීනික්ස් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ .

දිරිය පියසින් බඹරගල වැන්දඹු පවුලකට නිවසක්

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිරිය ළියට සෙවනක් නිවාස වැඩසටහන යටතේ වැලිගෙපොලප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඹරගල වසමේ ඩී.ඩී.පියසීලී කුසුමලතා මහත්මියට නිවසක් පිරිනැමීය.

Sunday, March 19, 2017

වේගයෙන් ඉහළ යන වැඩිහිටි ජනගහනය පිළිබඳ ප්‍රතිපත්ති සැකසීම සමුළුවේ අරමුණයි - අමාත්‍ය එස්.බී.දිසානායක


වේගයෙන් ඉහල යන වැඩිහිටි ජනගහනය පිළිබඳ ප්‍රතිපත්ති සැකසීම හා ඒ පිළිබඳ ඉදිරි තීරණ ගැනීම ජනගහනය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකා මන්ත්‍රී සංසදයේ (SLPPD) අරමුණ බැව් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

නව නිවසක් සමෘද්ධීයෙන් ඉදි කරයි

උඩදුම්බර කලුගල සමෘද්ධි කලාපයේ උඩකුඹුර වසමේ සමෘද්ධි ප්‍රතිලාභි පවුලක් වන
වයි.එම්.මුතුබංඩා ගේ නිවස පසුගිය වසරේ සහමුලින්ම එම නිවසේ විදුලි කාන්දුවකින් ඇති වූ ගින්‍නෙන් විනාශ වූ නිවස යළි ඉදි කිරීමට කටයුතු කළේ ය.

Sunday, January 15, 2017

ජාතියක් ලෙස එකට එක් වී නියඟ තත්ත්වයට මුහුණදීමට කටයුතු කිරීම වැදගත්

අපදා අවස්ථාවේ දී ජනමාධ්‍ය වගකීම පෙරදැරිව කටයුතු කිරීම වැදගත් බවත් ජාතියක් ලෙස එකට එක් වී නියඟ තත්ත්වයට මුහුණදීමට  කටයුතු කිරීම වැදගත් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

ආර්ථිකයේ විශාල වෙනසක් කරන්න මුල පිරුවා - ඉදිරි වසර කිහිපය වෙනුවෙන් ආර්ථික න්‍යාය පත්‍රයක් සකස් කරනවා

ආර්ථිකයේ විශාල වෙනසක් කරන්න මුල පිරුවා.ජීඑස්පී ප්ලස් ලැබුණු නිසා යුරෝපීය වෙළෙඳපොළට ඇතුලූ වීමට අවස්ථාව ලැබෙනවා.ඉදිරි වසර කිහිපය වෙනුවෙන් ආර්ථික න්‍යාය පත්‍රයක් සකස් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.